News

ක්‍රිකට් තරගයක් අතරතුර ගැටුමකින් 11දෙනෙකු අත්අඩංගුවට – 3කට බරපතල තුවාල

හැටන් දික්ඔය දරවල ක්‍රිඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමකට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම ගැටුමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු මේ මස 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටත් ගැටුමට සම්බන්ධ බාල වයස්කාර සිසුන් 6 දෙනෙකු එදින දක්වාම පරිවාස භාරයේ තැබිමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඉකුත් 9 වෙනි දින හැටන් දික්ඔය දරවල ක්‍රිඩාංගණයේ දවස පුරා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇති අතර එම තරගාවලියට සහයෝගයට පැමිණි කුඩා ළමුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුර දිග යාමෙන් එම ගැටුමට වැඩිහිටියන්ද කිහිප දෙනෙකු මැදිහත් වි ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

හැටන් දික්ඔය දරවල ක්‍රිඩාංගනයෙන් ඇති වු ගැටුම පසුව හැටන් ඩයගම ප්‍රධාන මාර්ගයේ දික්ඔය දරවල ප්‍රදේශයේදි යලිත් ඇති වි ඇත.

එම ගැටුමේදි තිදෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවනගේ එක් අයෙකුගේ තත්ත්වය බරපතල නිසා එම තුවාලකරු මහනුවර ශික්ෂන රෝහල වෙත මාරුකර යවා ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

මෙම ගැටුමේදි ගල් සහ මුගුරුවලින් දෙපාර්ශවයම පහරදිම් සිදු කර ඇති අතර මෙම ගැටුමට අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩ වල පසුවන ළමුන් කිහිප දෙනෙකු සහ අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩ වල පසුවන වැඩිහිටියන් කිහිප දෙනෙකුද මැදිහත් වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

දෙපාර්ශවයේ ඇති වු ගැටුම එ අසල තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වි තිබු අතර , එම දර්ශන ඔස්සේ සැකකරුවන් හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

රංජිත් රාජපක්ෂ