කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
තම ව්‍යාපාරික ස්ථානයට පැමිණි තරුණ කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම ප්‍රදේශයේ අලවි සැළක් පවත්වා ගෙන යන අයෙකුවය. සිද්ධිය මුහුණ දුන් කාන්තාව විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 11 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇත.
සැකකරුගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති කාන්තාව ඔහුගේ බිරිද සම්බන්ධයෙන් විමසා ඇත. තම බිරිද මුළුතැන් ගෙයි රැදී සිටින බව ව්‍යාපාරිකයා කාන්තාවට පවසා ඇත. ඒ අනුව පැමිණිලිකාරිය වෙළද සැල් හිමිකරුගේ නිවසේ මුළුතැන් ගෙයට ගිය අවස්ථාවේ ඇය පසු පසුන් පැමිණ ඇති සැකකරු ඇයට අතවර කිරීමට උත්සාහ කර ඇති බව පොලීසියට ලැබී ඇති පැමිණිල්ලේ සදහන් වේ.
සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පැමිණිළිකාරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලීසිය කටයුතු කර ඇත. නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත