නවතම ප්‍රවෘත්ති

කාන්තා සනීපාරක්ෂක තුවා ගැන මංගලගේ ප්‍රකාශයට “අපේ ශ්‍රී  ලංකා” ජාතික ව්‍යාපාරයේ සතුට

කාන්තා සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සදහා පනවා තිබූ සියයට 40ක සෙස් බද්ද ඉවත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පලකරන බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මෙරට ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් ගැන රජයේ අවධානය යොමුවීම ගැනත් පසුගිය 18වැනිදා අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මගින් පෙන්වා දුන් මේ කරුණ ගැන මුදල් ඇමතිවරයා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම ගැනත් සතුටු වන බවද අපේ ජාතික ව්‍යාපාරය පවසයි.