අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
පසුගිය දින තුනක කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 9කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 1823කට අයත් සාමාජිකයින් 7608ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සදහන් කළේ කොළඹ, ගම්පහ, නුවර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට ලක්ව ඇති බවයි.
අධික සුළං හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස 2කට හානි සිදුවී ඇති අතර, අර්ධ හානි 180ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.
විවිධ ආපදා හේතුවෙන් ආරක්ෂිත ස්ථාන 3ක පවුල් සංඛ්‍යාව 185කට අයත් සාමාජිකයින් 947දෙනෙක් රදවා ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේය.
