News

කැනඩා යවන බව කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

කැනඩා යවන බව කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

කොළඹ නගරයේ විවිධ ස්ථානවල ව්‍යාජ ඒජන්සි පවත්වාගෙන යමින් කැනඩාවේ රැකියා සඳහා පුද්ගලයින් යොමු කරන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(30) පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විවිධ පුද්ගලයින්ගෙන් ලක්ෂ 30කට ආසන්න මුදල් ප්‍රමාණයක් වංචා කර ඇති අතර මුදල් ලබා ගැනීමෙන් පසු සැකකරු අතුරුදන්ව සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අටලුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 29 හැවිරිදි සැකකරු අද(31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

යම් පුද්ගලයින් කොළඹ නගරයේ හෝ පිටස්තර නගරවල ව්‍යාජ රැකියා ඒජන්සි පවත්වා ගෙන යමින් කැනඩාව,ඇමරිකාව,යුරෝපය,ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවලට පුද්ගලයින් යවන බව පවසා මුද්ල් වංචා කිරීම් සිදු කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි ව්‍යාජ රැකියා ඒජන්සි පිළිබඳ සැලකිලිමත්වෙමින් කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.