‘‘කැබිනට්ටුවේ’’ තාවකාලික තහනම රජයේ බඳවාගැනීම්වලට බාධා නොවේ
අගමැතිවරයාට හා ඇමැති මණ්ඩලයට ලබා දුන් තාවකාලික තහනම රජයේ නව බඳවා ගැනීම්වලට ගැටලුවක් නොවන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
අදාළ අධිකරණ නියෝගය ලබාදීමට ප්‍රථම රජයේ සේවයට පත්වීම් ලබාදීම සඳහා අයැදුම්පත් කැඳවීම සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත්නම් ඊට අදාළ පත්වීම් ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බව ඒ මහතා සඳහන් කළේය. කැබිනට් මණ්ඩලය තාවකාලික අත්හිටුවුවද ගණන්දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලතල ඇති බවද ඒ මහතා පවසයි.
කෙසේ වෙතත් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවකයින්ගේ කාලය අවසන් වී ඇති අවස්ථාවලදී එම සේවය දීර්ඝ කිරීමට ගැටලුවක් වී ඇති බවත් එය එසේ සිදු කරනුයේ සේවයේ අවශ්‍යතා අනුව බවත් ඔහු සඳහන් කළේය.