කැලණි නදී ජලයේ ගුණය ඉහළ ගිහින්
මේ දිනවල කර්මාන්තශාලාවලින් අපද්‍රව්‍ය මුදා නොහැරීම නිසා කැලණි ගඟේ ජලය ගුණාත්මක බවින් ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ ප්‍රකාශ කරයි.
කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පෙරේදා (01දා) ජල සාම්පල ලබා ගෙන ඇත.
එම ජල සාම්පල ඊයේ (02දා) පරීක්ෂාවට ලක්කර ඇත.
ඒ අනුව නියමිත ප්‍රමිතීන්ට අනුව කැලණි ගඟේ ජලයේ ගුණාත්මක භාවය මෑත කාලයේ වාර්තා නොවූ ලෙස ඉහළ ගොස් ඇති බව සභාපතිවරයා කියයි.
