කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගය හෙට වැසේ
නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගය හෙට (15) දිනයේ වසා තබන බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව හෙට පෙ.ව. 8 සිට පස්වරු 5 දක්වා වසා තබන බව නිවේදනය කරන අතර අධිබලැති විදුලි රැහැන් එළිමක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා තබන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පෙ.ව. 8 සිට පස්වරු 5 දක්වා කාලය තුළ අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියලු බර වාහන පිටවීම සඳහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කරන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටයි.