කෝටි 500කට අධික වටිනා දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කැවුමා ලබන 5 වනදා දක්වා රිමාන්ඩ්
රුපියල් කෝටි 500ක දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් එම කොල්ලය මෙහෙයවූ කැලුම් ඉන්දික හෙවත් ‘කැවුමා’ අද (21) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මොහු ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සැළසුමකට අනුව මෙම දියමන්ති කොල්ලය සිදුකර තිබූ අතර, පසුව සිදුකළ විමර්ශනවලදී සැකකරු රැදී සිටි මොරටුව රාවතාවත්තේ නිවසක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 177යි ග්‍රෑම් 464ක්, ටී 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803 ක්, බෝර 12 පතොරොම් 234ක්, ස්වයංක්‍රීය ගිනි අවියක් සහ තවත් ආයුධ කිහිපයක් ද සොයාගත හැකි විය.