කැස්බෑ මළසිරුරු දෙකක් වැලිගම වෙරළේ
මිය ගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ මළ සිරුරු වැලිගම මුහුදු වෙරළේ ගංදූව දූපතට ඉදිරියෙන් වූ ප්රදේශයේ දී තිබී සොයා ගෙන ඇත.
බිත්තර දැමීමට පැමිණි කැස්බෑවුන් දෙදෙනෙකු මසුල් අල්ලන දැල්වල පැටලී මියගොස් ඇති බව වන ජීවී නිලධාරීන් සඳහන් කරයි.
මියගොස් සිටි කැස්බෑවුන්ගේ උදරය පැලී බිත්තර පිටතට ද පැමිණ ඇති අතර ජීවී නිලධාරීන් විසින් කැස්බෑ සිරුරු දෙක වැලිගම මුහුදු වෙරළේදීම වල දැමූ බව වාර්තා වේ.