කිරින්ද මුහුදේ දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදරු මවත් ජීවිතක්ෂයට
කිරින්ද මුහුදු වෙරළ තිරයේදි පසුගිය 23 වැනිදා සැඩ රළ පහරට හසු වි අසාධ්‍යය තත්ත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මව ඊයේ (29) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගියේ හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මියයි.
ඇය පසුගිය 23 වැනිදා සිය සැමියා සහ දියණියන් දෙදෙනා සමග කිරින්ද මුහුදු වෙරළ තිරයේදි සැඩ රල පහරට හසු විමෙන් සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුණි.
දියේ ගිලීමෙන් අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතින් විසින් ඇයව කොලඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන විත් ඇතුලත් කර තිබුණි.
දිනය 6ක කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ හසිනි විජේසුරිය මහත්මිය ඊයේ රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.


