News

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් 06 දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

කතරගම, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා මෙම මස 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

එම සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කෙරුණු අතර එම වෙඩි ප්‍රහාරයට ලක් වූ දින නාහිමියන්ගේ සිරුරෙන් ගලාගිය රුධිර සාම්පල් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාවක් සහ ඩී.එන්.ඒ. වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළේය.