News

කිලිනොච්චියෙන් ‍මෝටාර් උණ්ඩ මතුවෙයි

මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 16 ක් ඊයේ (23) කිලිනොච්චිය පුලියංපොක්කනෙයි ප්‍රදේශයේදී සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා පුහුණු කඳවුරක් පිහිටි ස්ථානයේ තිබී අදාළ මෝටාර් උණ්ඩ තොගය සොයාගත් බවයි.

කිලිනොච්චිය පොලිස් නිළධාරීන් වෙත ලද තොරතුරක් මත අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී මෝටාර් උණ්ඩ තොගය හමුවු බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ දිරාපත්ව ගිය මෝටාර් උණ්ඩ තොගයක් එලෙස සොයාගත් බවත්,යුධ සමයේ අවසන් කාලයේදී පළාගිය එල් ටි ටි සංවිධානය අදාළ බෝම්බ දමා යන්නට ඇති බවට සැක පළ කරන බවයි.

සොයාගත් මෝටාර් උණ්ඩ පිළිබඳ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට නියමිතය.

කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය