කිලිනොච්චිය ජල ගැලීම්වලින් බේරුණු දැරිය ළිඳට වැටී මරුට
කිලිනොච්චිය, මලයාලපුරම් ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී 10 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ අදාළ දැරිය ගෙවත්තේ තිබු අනාවරක්ෂිත ළිඳකට වැටී ඊයේ(07) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
කිලිනොච්චිය,භාරතී විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු දැරිය නිවසේ කටයුතු වෙනුවෙන් ජලය ලබා ගැනීමට අනාරක්ෂිත ළිඳට ගොස් ඇති අවස්ථාවේ ළිඳට වැටී ඇති බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ මියගිය දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද(08) කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු බවයි.
පසුගියදා සිදුවු ජල ගැලීම්වලින් අදාළ දැරිය දිවි බේරාගෙන ඇති අතර, අනතුරුව සහන කදවුරුවලින් මිදී නැවත නිවස වෙත පැමිණ සිටි අවස්ථාවේ ළිඳට වැටී ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.
දැරියගේ මෘත දේහය පවා තබා ගැනීමට ස්ථානයක් පවා අදාළ දැරිය ජිවත්වු පැල්පත තුළ නොමැති බව ප්‍රදේශවාසීන් පවසති.
වවුනියාව – මාධව කුලසූරිය