News

ත්‍රස්තවාදයට ආධාර හා අනුබල ලබාදුන් වෛද්‍යවරයකු අත්අඩංගුවට

ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එම වෛද්‍යවරයා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට යුද හමුදාවට ලද තොරතුරක් මත යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ යාපනය ඒකකය වෙත බාරදී ඇති අතර යාපනය මූලස්ථාන පොලිසියේ රදවාගනිමින් වැඩිදුර විමර්ශනය සිදුකරන බව පොලිස් අධිකාරිවරයා සදහන් කළේය‍.