කිලිනොච්චිය විශ්වමඩු ප්රදේශයේ රක්ෂිතයක් ගින්නකින් විනාශයි
වවුනියාව – මාධව කුලසූරිය
කිලිනොච්චිය විශ්වමඩු ප්රදේශයේ ඊයේ(20) රාත්රියේ හටගත් ගින්නක් හේතුවෙන් ප්රදේශයේ තල් ගස් රැසක් විනාශවූ බව ප්රදේශවාසීහු පවසති.
ඔවුන් වැඩිදුරටත් පැවසූවේ කිසියම් පුද්ගලයෙකු තැබූ ගින්නක් හේතුවෙන් විශ්වමඩු පුන්නෙනීරාවි ප්රදේශයේ තල් ගස් රැසක් හා රක්ෂිතයක් ගිනිගෙන විනාශ වි ඇති බවයි.
හේන් ගොවිතැන් හා වගාවන් වෙනුවෙන් කැලෑ ගිනි තැබීම මේ දිනවල කිලිනොච්චියේ සුලබ දසුනක් වී තිබේ.
