කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයෙන් යුධ හමුදා ඇදුම් හා දුරකථන රැසක් තබාගත් නිවසක් පරීක්ෂා කරයි
කිලිනොච්චිය,ධර්මපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී යුධ හමුදා ඇඳුම්වලට සමාන ඇදුම් කිහිපයක් හා දුරකථන හතක් ඊයේ(28) සවස සොයාගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ යුධ හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කිරීමේදී දුරකථන හා යුධ හමුදා ඇදුම් සොයාගත් බවයි.
අදාළ නිවසේ හිමිකරු මුස්ලිම් ජාතිකයෙකු වන අතර,අදාළ පුද්ගලයා දමිළ කාන්තාවක් විවාහ කරගෙන ඇති බව අනාවරණය වී ඇති බවද පොලිසිය පැවසීය.
ගෙහිමියා නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ නොසිට ඇති අතර,සැකකරු සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.