කිසිදු කොන්දේසියකට යටත් වන්නේ නෑ
විවිධ දේශපාලන සංවිධාන මගින් කොන්දේසි ඉදිරිපත් කළත් කිසිදු කොන්දේසියකට තමන් යටත් නොවන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ ය.
ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමටද විවිධ බාධක, කොන්දේසි ඉදිරිපත් වුවත් කිසිදු කොන්දේසියකට තමන් යටත් නොවූ බව ඔහු අවධාරණය කර සිටියේය. ඒ ආකාරයට විවිධ දේශපාලන සංවිධාන, කණ්ඩායම්, කොන්දේසි ඉදිරිපත් කළත් ඒ කිසිවකට මේ ප්‍රේමදාස යටත් නොවන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය.
ඉන්දික ඒකනායක – නිකවැරටිය/ සමන් කුමාර – කොටවෙහෙර
