News

කුකුල් කොටුවට ආ අමුත්තා

මන්නාරම,තරවන්කෝට්ටෙයි ගම්මානයේ නිවසක් වෙත කුකුළන් ආහාරයට ගැනීමට පැමිණි කිඹුලෙකු ප්‍රදේශවාසීන් අද(09) අල්ලා ඇති බව මන්නාරම වනජිවි කාර්යාල නිළධාරීන් පවසයි.

මන්නාරම වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ බල්ලන් බුරන ශබ්දයක් අනුව ගෙහිමියෙකු සිය ගෙවත්ත පරීක්ෂා කිරීමේදී කිඹුලා දැක ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් අල්ලා ඇති බවයි.

අල්ලා කිඹුලා හැළ කිඹුල් විශේෂයට අයත්වන අතර අඩි 08 ක පමණ දිගකින් යුතු බවද වනජිවි කාර්යාල නිළධාරීන් පැවසීය.

වනජිවි නිළධාරීන් පැවසූවේ කිඹුලා ජල පෝෂක ප්‍රදේශයකට මුදා හැරීමට නියමිත බවයි.

වවුනියාව – මාධව කුලසූරිය