Update – තංගල්ලේ වෙඩි තැබීමෙන් 04දෙනෙකු ජිවිතක්ෂයට
තංගල්ල කුඩාවැල්ල ප්රදේශයේ ධීවර වරායේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇත.
මෙම වෙඩි තැබීම සඳහා ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිත කර ඇති බවත් ධිවරයින් අතර ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකුට තුවාල
තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය තුළ අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළ අතර තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.