කුණු කන්ටේනර් පිළිබඳව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරිය කැඳවයි
බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය සහිත කන්ටේනර් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රජයේ රස පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
එම කන්ටේනර්වලින් දැඩි දුඟදක් වහනය වීම හේතුවෙන් මේ පියවර ගත් බව එහි උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කළ අතර අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102ක් කොළඹ වරායේ පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයට අනුබද්ධ ලොව අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අත්සන් කර ඇති බ්‍රසල් සම්මුතියේ ජීනීවාහි පිහිටි මූලස්ථානයට පැමිණිලි කළ බව ද ඒ මහතා සඳහන් කළේය.
