කුරාණය ගැන පොලිසියට පාඩමක්
මුස්ලිම් ජාතිකයින්ගේ ආගමික කටයුතු හා කුරාණය පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා ඇති බව වාර්තා වේ.
මේ අනුව රට පුරා ඇති පොලිස් ස්ථාන 495ක සිටින පොලිස් නිලධාරීන් ඉදිරි දිනවලදී කුරාණය පිළිබඳ දැනුවත් කෙරෙනු ඇත.
මවුලවිවරුන් විසින් අදාළ දැනුවත් කිරීම් සිදු කරන අතර මේ වන විට කොළඹ දිස්ත්රික්කයේ පොලිස් ස්ථාන කීපයකට එම දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වා ඇත.
කුරාණය හා ඉස්ලාම් ආගම සම්බන්ධ ලියැවුණු පොත් කට්ටලයක්ද එසේ වැඩමුළු පවත්වන පොලිස් ස්ථානවලට ලබාදී තිබේ.
කෙසේ වෙතත් එසේ ලබාදී ඇති නැති කට්ටලවල සඳහන් කරුණුවල ගැටලු ඇති බවද වාර්තා වේ.
.
