News

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 3.5ක් සොයාගැනේ

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ ගරාජයක් අසළ තිබී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙරොයින් කිලෝ 3.5ක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රීයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොගය සොයාගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 35ක් පමණ වන බව පොලීසිය පවසයි.