කුලප්පු වූ අලියෙකුගේ පහරදීමෙන් ඇත්ගොව්වා මරුට
කරන්දෙණියේ විහාරස්ථානයක ඊයේ (24) පැවති පෙරහැර අතරතුර අලියෙකු කුලප්පු වී සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා මියයයි.
කරන්දෙණිය ,කොස්වතුමානාන ශ්‍රී සුදර්ශනාරාමයේ වාර්ෂික පෙරහැර අතරතුර මෙම අලියා කුලප්පු වී ඇති අතර මෙම පෙරහැර බොරකන්ද ප්‍රදේශය පසුකරනවාත් සමගම අලියා කුලප්පුවී ඇත්ගොව්වා දෙසට හැරී ඔහුට පා පහරක් එල්ල කර තිබෙනවා. පසුව අලියා, ඇත්ගොව්වා අසල තාප්පයක් දෙසට විසිකර දමා ඇති බව වාර්තා වනවා.
මියගිය ඇත්ගොව්වාගේ වයස අවුරුදු 45 ක් වන රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.