News

කුලියට මෝටර් රථ රැගෙන ගොස් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කුලී පදනම මත මෝටර් රථ රැගෙන ගොස් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධව හෝමාගම පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ අතර මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අද උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එලෙස වංචා කර රැගෙන යන ලද මෝටර් රථ තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 37 සහ 56 යන වයස්වල පසුවන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.