News

කුලියාපිටියේ බුදු පිළිම කැඩූ ඉන්දීය ජාතිකයා මරුට

කුලියාපිටියේ බුදු පිළිම කැඩූ ඉන්දීය ජාතිකයා මරුට

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබේ.

දිලීප් කුමාර් නැමැති 45 හැවිරිදි ඉන්දියානු ජාතිකයා ඊයේ(05) රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරයි.

මෘත ශරීරය වාරියපොළ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය අද (06) සිදුකිරීමට නියමිතයි

මෘත ශරීරය කොරෝනා පරීක්ෂාවකට ද ලක් කිරීමට නියමිතව තිබේ.