News

පොලිස් අධිකාරිවරුන් 03දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරු වීම් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.

නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එල්.එස්.සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාස බාර නිලධාරියා ලෙස පත් කර යවා ඇති අතර ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරී ඩබ්.එම්.ඒ.ආර් ප්‍රනාන්දු මහතා නුගේගොඩ කොට්ඨාසය වෙත මාරු කර යවා ඇත.