කුවේට්හිදී විවිධ හිරිහැරවලට මුහුණදුන් 57 දෙනෙකු ලංකාවට
කුවේට් රාජ්ය වෙත රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට මුහුණදුන් ශ්රී ලාංකිකයින් 57 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත.
ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ ගුවන් යානයෙන් අද පෙරවරු 6.15 ට පමණ 57 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙතට පැමිණ ඇති අතර පිරිමි 09 ක් හා කාන්තාවන් 48 ක් ඒ අතර වෙයි.