කුවේට් හි ගෘහ සේවයට ගොස් හිරිහැරවලට ලක්වූ ශ්රී ලාංකික කතුන් 54ක් යළි දිවයිනට
කුවේට් හි ගෘහ සේවයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ ශ්රී ලාංකිකයින් කාන්තාවන් 54දෙනෙකු අද (20) අළුයම නැවත දිවයිනට පැමිණ තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ කුවේටයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි.
ඔවුන්ගෙන් 37දෙනෙකු කුවේට් ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ රැඳී සිට ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සදහන් කළේය.
