News

කෙසෙල්වත්ත දිනුකගේ දේහය දිවයිනට

පසුගියදා ඩුබායි හීදී මරණයට පත්වුණු පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන දිනුක මධුශාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ දේහය කටුනායක ගුවන්තොටුපළට රැගෙන විත් ඇති බව වාර්තා වේ.

හදිසි හෘදයාබාදයක් හේතුවෙන් පසුගිය දා ඔහු මිය යන විට 34 හැවිරිදි වියේ පසුවිය.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් සිටි අපරාධකරුවෙක් වේ.

දිවයිනට රැගෙන ආ දේහය ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට නියමිත වන බව වාර්තා වේ