News

කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාට්ටු

යාපනය මාදගල් සහ කෝවිලම් තුඩුව අතර මුහුදු ප්‍රදේශයේදී සැකකටයුතු යාත්‍රාවක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් එය පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

අදාළ කේරළ ගංජා තොගය සහිත යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.