කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට
යාපනය සිට පුත්තලම බලා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අද(28) අලුයම වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලිසිය පවසයි.
කනගරායන්කුලම පොලිසිය පැවසූවේ පොලිසිය සිදුකළ හදිසි වැටලීමකදී සැකකරු යාපනය සිට පුත්තලම බල කේරළ ගංජා කිලෝග්රැම් 13 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. කනගරායන්කුලම කොට්ඨාශය භාර පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවු බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි සැකකරු යාපනය ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගෙන් ගංජා ලබාගෙන බෙදාහැරීමට ගෙන යන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට හැකිවු බවයි.
සැකකරු අද(28) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම කොට්ඨාශය භාර පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි කනගරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.