කොක්කුවිල් දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට පහරදීමක් – ආවා කල්ලියේ බවට සැකයක්
යාපනය,කොක්කුවිල් දුම්රිය ස්ථානයේ උප දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ඊයේ(12) සවස කිසියම් පිරිසක් පහරදි තුවාල සිදුකොට ඇති බව යාපනය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ දුම්රිය ස්ථානාධිපතිවරයා කොක්කුවිල් මංසන්ධිය ප්‍රදේශයේ සිටියදී නම දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් පැමිණ පහරදීම සිදුකොට ඇති බවයි.
පහරදීමෙන් තුවාල ලැබු වයස අවුරුදු 30 ක් පමණ වන දුම්රිය ස්ථානාධිපතිවරයා යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසීය.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ අදාළ පහරදීම ආවා කල්ලිය විසින් සිදුකොට ඇති බවට සැක පළ කරන බවයි.
දුම්රිය ස්ථානාධිපතිවරයා රාජකාරි නිමාවි සිටි අවස්ථාවක පහරදීම සිදුකොට ඇති අතර, පහරදීම සිදුකළ පිරිස සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය.
වවුනියාව – මාධව කුලසූරිය
