News

කොකේන් සහ මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවන් 3දෙනා ඇතුළු 17දෙනා රිමාන්ඩ්

කොකේන් හා තවත් මත්ද්‍රව්‍ය සමග මාතර පොල්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් 14දෙනා හා කාන්තාවන් තිදෙනා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අද (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරු විනිසුරු විසින් මොවුන් පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මොවුන් පොල්හේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර, මාතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය ලද තොරතුරකට අනුව ඊයේ (03) දහවල් 12ට පමණ මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.