කොටස් වෙළදපොළ තාවකාලිකව අත්හිටුවයි
මේ මස 13 වනදායින් පසු මුල් වරට අද(20) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 2කට පමණක් සීමා කර තිබේ.
කොළඹ කොටස් වෙළඳපොළ S&L SL20 දර්ශකය 5.33% හා සියලු කොටස් මිල දර්ශකය 2.61%කින් පහල යාම නිසා එහි ගණුදනු තාවකාලිකව අත්හිටුවා ඇත.
පෙරවරු 10.00 ට දෛනික ගනුදෙනු ආරම්භ වූ අතර පෙරවරු 10.02ට ගනුදෙනු තාවකාලිව අත්හිටුවා යළිත් වරක් පෙරවරු 10.32 ට සාමාන්‍ය ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත කර ඇත.
