කොරියාවට ගිය කොරෝනා ගැන එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරයි
දකුණු කොරියාවේ නව කොරෝනා වෛරසය පැතිරයාම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිඛේ.
ඊයේ දිනයේදී වෛරසය ආසාධිතයින් 52 දෙනෙකු පමණ එරටින් වාර්තා වී ඇති බව එරට බලධාරින් පවසයි. කොරියාවේන් කොරෝනා ආසාධිත පළමු මරණය ඊයේ දිනයේ වාර්තා වුණා.
මේ අතර නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පළිබද දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකියන් දැනුවත් කිරිමට එරට තානාපති කාර්යාලය පියවර ගෙන තිඛේ.
නව කොරෝනා වෛරසට ආසාදනය ඉහළ යාමත් සමග එය පාලනයට විශේෂ වැඩපිළිවෙලක් ද කොරියානු බලධාරින් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
