කොරියාවේ සිට එන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට
දකුණු කොරියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී විශේෂ පරීක්ෂාවකට ලක් කිරිමට පියවර ගෙන තිඛේ.
නව කොරෝනා හෙවත් කොවිඩි 19 වෛරසය දකුණු කොරියාව තුල වැඩි වශයෙන් ව්‍යාප්ත වී තිබිම හේතුවෙන් මෙම පියවර ඇත.
අද අලුයම කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මෙලෙස විශේෂ පරීක්ෂාවකට ලක්කර තිඛේ.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම පිළිබද කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකියන් දැනුවත් කිරිම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මේ වන විටත් ආරම්භ කර ඇත.
