කොරොනා ප්‍රභේද ගැන ජ’පුර සරසවියෙන් සොයා ගැනීමක්
ශ්‍රී ලංකාවේ පැතිර යන කොවිඩ් 19 මාදිලිය ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාවේ පැතිරෙන කොවිඩ් මාදිලියන්ට සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂණ කණ්ඩායමක් සොයා ගෙන ඇත.
මෙම පර්යේෂණ සිදු කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඩෙංගු පර්යේෂණ අංශය විසින්ය.
මෙරට ව්‍යාප්ත වී තිබෙන්නේ චීනයේ හෝ යුරෝපයේ ව්‍යාප්ත වී තිබෙන ප්‍රභේදය නොවන බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධාන මහාචාර්ය හිරාන් අමරසේකර මහතා ප්‍රකාශ කළහ.
