කොරෝනාට බැටදෙන්න ඇතිතරම් එතනෝල්
කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම වෙනුවෙන් වෛද්‍ය පර්යේෂණ සහ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා බදු රහිතව එතනෝල් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සඳහා විෂබීජ මර්දන රසායනික සැකසීම සඳහා මෙලෙස බද්දෙන් තොරව එතනෝල් ලබාදෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පැවසීය.
දැනට බදු රහිතව එතනෝල් තොග නැනෝ තාක්ෂණ ආයතනයට සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ලබාදී ඇතැයිද ඔහු සඳහන් කළේය.
නැනෝ තාක්ෂණ ආයතනය, අයි.ටී.අයි. ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සිදුකරන විෂබීජ මර්දන රසායනික නිෂ්පාදන ව්‍යාපෘතියට එතනෝල් ලීටර් 1000 ක්ද, පේරාදෙණිය ශික්ෂණ රෝහලට එතනෝල් ලීටර් 600 ක් පමණ ද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බදු රහිතව නිකුත් කර ඇත.
ඉදිරියේදී හමුදාවලටද එතනෝල් බදු රහිතව ලබාදීමටද නියමිතය. මෙම කටයුතු සඳහා එතනෝල් ලීටර් දහස් ගණනක් අවශ්‍ය වෙතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවේ ප්‍රමාණවත් පරිදි එතනෝල් තොග තිබෙන බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
වෛද්‍ය පර්යේෂණ සහ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා බදු රහිතව එතනෝල් සැපයීමට පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරගෙන තිබෙන බවද මෙහිදී හෙළි විය.
සාලිය කුමාර ගුණසේකර
