News

කොරෝනාවලට පනවා ඇති සීමාවන් දැඩි කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු කියති

අප්‍රේල් 20 දක්වා කාලය තුළ වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දැනට පනවා ඇති සීමාවන් දැඩි කරන ලෙස විශේෂඥ වෛද්‍ය සංගම් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරු සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අතර පැවැති සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර ඇත.

ඇඳිරිනීතිය දැඩි කිරීම, සමාජ දුරස්තභාවය ආරක්ෂා කිරීම වැනි තීන්දු අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මෙහිදී පෙන්වා දී ඇත.

 

උදයජීව ඒකනායක