News

කොරෝනා ආසාදනයවීමෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව හැත්තෑදහස ඉක්මවයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 70,172ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ මින් වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන බවයි.

එම සංඛ්‍යාව 15,887කි.

ඉතාලියට පසුව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 13,055කි.

ඇමෙරිකාවෙන් පුද්ගල මරණ 9,620ක්, ප්‍රංශයෙන් පුද්ගල මරණ 8,078ක්, බ්‍රිතාන්‍යයෙන් පුද්ගල මරණ 4,934ක්, ඉරානයෙන් පුද්ගල මරණ 3,603ක් සහ චීනයෙන් පුද්ගල මරණ 3,331ක් වාර්තා වේ.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 336,851කි.

ඊට අමතරව ස්පාඤ්ඤයෙන් 135,032, ඉතාලියෙන් 128,948ක් සහ ජර්මනියෙන් 100,132 ලෙස ආසාදිතයන් වාර්තා වේ.