කොරෝනා ආසාදිත රෝගියාගේ පුතාට රෝගය වැළදී නෑ
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය (Covid 19) ආසාදනය වූ පලමු රෝගියා දැනට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධනයට ලක් කර ඇත.
මෙම රෝගියාගේ පුත්‍රයාට ද රෝගය වැළදී ඇතැයි කටකතාවක් පැතිරී යන අතර එය මුලුමනින්ම අසත්‍යක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය(Covid 19) පැතිරීම වැළැක්වීමට මේ වන විට රජය සියලු පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වැඩිදුරටත් පවසා සිටී.
