කොරෝනා ආසාදිතයන් ගණන 122 දක්වා ඉහළට
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා ඉහළ යනු ඇත.
මේ වන විට පූර්ණ සුවය ලබා රෝගීන් 15 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 104 කි.
