කොරෝනා නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව අටදහස ඉක්මවයි
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 8009 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 108,654දෙනෙකු මේ වන විට වෛරසය වැළදී රෝහල්ගතව ඇති අතර, පුද්ගලයින් 6418දෙනෙකු අසාදය තත්ත්වයේ පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මරණ 3237ක් වාර්තා වන අතර, ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 2503කි.
ඊට අමතරව ඉරානයෙන් මරණ 988ක්, ස්පාඤ්ඤයෙන් මරණ 533ක්, ප්‍රංශයෙන් මරණ 175ක්, ඇමෙරිකාවෙන් මරණ 116ක් සහ දකුණු කොරියාවෙන් මරණ 84 වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.
