කොරෝනා මඬින්න එන්නතක් අත් හදා බලයි
ලෝක ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම ද නව කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් අත්හදා බැලීමට සූදානම් වන බව සඳහන් වේ.
ලබන සැප්තැම්බරයේ මෙම එන්නත මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීමට අදහස් කරන බව එම සමාගම ප්‍රකාශ කර තිබිණි. එම අත්හදා බැලීම් සාර්ථක වුවහොත් ලබන වසරේ මුල් භාගයේ එන්නත මහා පරිමාණයෙන් නිශ්පාදනය කිරීම ආරම්භ කිරීමට ඉඩ ඇති බවට ද විශ්වාසය පලවෙයි.
මෙම එන්නත සම්බන්ධ කටයුතු ඔවුන් ආරම්භ කර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ ය. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඇමෙරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයක් සමග එක්ව බව ද සඳහන් වේ.
මෙම එන්නත ට අදාළ කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඔවුන් වෙන් කර තිබේ.
මුළු ලෝකයම ඉතා හදිසි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, පහසු මිලට ගත හැකි කොවිඩ් – 19 එන්නතක් හැකි ඉක්මනින් නිෂ්පාදනය කිරීමට තමුන් කැපවී සිටින බවත් එම සමාගමේ ඉහළ නිලධාරියෙකු මාධ්‍ය සමග පවසා තිබිණි.
සහන් වික්‍රමගේ
