News

කොරෝනා මර්දනය කරන්න අලුත් ක්‍රමයක්

කොවිඩ්-19 වෛරසය මර්දනය සදහා රටවල් දෙකක විද්‍යාඥයින් පිරිසක් විසින් ඖෂධ පෙත්තක් නිපදවා තිබේ.

මෙලෙස කොවිඩ් මර්දනය ඖෂධය නිපදවා තිබෙන්නේ ඉන්දීය සහ ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසිනි.

මෙම ඖෂධයේ මූලික අත්හදාබැලීම් සතුන් යොදාගෙන සිදුකර ඇති අතර, එම පරීක්ෂණ සාර්ථක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙ‌සේ වෙතත් එම ඖෂධය සම්බන්ධයෙන් මිනිසුන් යොදා අත්හදා බැලීම් සිදුකිරීමට තවත් කාලයක් ගත වනු ඇතැයි එම විද්‍යාඥයින් විසින් පවසා තිබේ.