News

කොරෝනා රෝගින් 101 යි – වැඩිම කොළඹින්

ගෝලිය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛසරයේ බලපෑම ප්‍රධාන ලෙස මෙරට දිස්ත්‍රික් 3 කට බලපා ඇත. ඒ කොළඹ / ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්වලටයි.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 ක් බවට පත්ව ඇති අතර අද දිනය තුල කොරෝනා ආසාදිත රෝගීන් 4 ක් හදුනාගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛරසය ආසාදනය වු පුද්ගලයින් 21 දෙනෙකු හදුනාගෙන තිබුණා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13 සහ කලුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හදුනාගෙන තිබුණා.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන වලින් රෝගීන් 32 ක් හදුනාගෙන තිබු අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 08 ක් හමුව තිබුණා.

මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් මේ වන විට වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොරෝනා ඉතා අවධානාම් කලාප ලෙස නම් කෙරුණු කොළඹ ගම්පහ සහ කලුතර දිස්ත්‍රීක්වලට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය පැනවීමටයි රජය පියවර ගෙන තිබුණේ