කොරෝනා වෛරසයෙන් තවත් 251කට සුවයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 251දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 87881 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් මේ දක්වා හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 91018ක් වේ.
ඉන් ආසාදිතයින් 2583දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 554කි.