News

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 88000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 264දෙනෙකු අද (26) දිනයේ දී ද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 88145ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 91289ක් වන අතර, ඉන් ආසාදිතයින් 2587දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 557 කි.