කොරෝනා වෛරසයෙන් 283ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 283දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86227ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 89175ක් වන අතර, ඉන් ආසාදිතයින් 2410දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 538කි.